Sat. Jul 27th, 2024

ලොව ධනවත්ම පුද්ගලයා බවට යළි පත් වූ Elon Musk

ලොව ධනවත්ම පුද්ගලයා බවට ටෙස්ලා සමාගමේ ප්‍රධානී Elon Musk යළිත් වරක් පත් වී තිබෙනවා.

ඒ, Bloomberg වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන ලද ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුවයි.

ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි Elon Musk අභිබවා යමින් Bernard Arnault පසුගිය දෙසැම්බර් මාසයේදී පළමු ස්ථානයට පත්ව සිටියා.

කෙසේවෙතත් නවතම ලැයිස්තුවට අනුව පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රකට ව්‍යාපාරික Bernard Arnault දෙවන ස්ථානයට පත් කරමින් Elon Musk පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Elon Musk ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3ක් ලෙස Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

Bernard Arnault ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 186.6ක් ලෙසයි දැක්වෙන්නේ.

එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට Jeff Bezos පත්ව ඇති අතර Bill Gates සිව්වන ස්ථානයට පත්ව සිටිනවා.

Facebook ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 10 වන ස්ථානයටත්, Mukesh Ambani එහි 13 වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *