Tue. May 21st, 2024

අයිස්ක්‍රීම් ඒකේ මිය ගිය ගෙබ්බෙක්…!

By admin Feb17,2024

යාපනය සෙල්වසන්නිධි හින්දු කෝවිල ආසන්නයේ පිහිටි අයික්‍රීම් වෙළඳසැලකින් අයිස්ක්‍රීම් මිලට ගත් පාරිභෙගිතයෙකුගේ අයිස්ක්‍රීම් කප්ඒකේ මිය ගිය මැඩියෙකු සිටීම හේතුවෙන් අදාල පාරිභෝගිකයා නීතිමය පියවර ගනු ලැබීය.

ඒහිදී අදාල අයිස්ක්‍රීම් අලෙවිකල හිමිකරු වැල්වැටිතුරේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අයිස්ක්‍රීම් හිමිකරුට රුපියල් 5000 ක දඩයක් නියෝග කොට තිබුණි.

අධිකරණයේදී අයිස්ක්‍රීම් වෙළඳසැලේ හිමිකරු විසින් පවසා ඇත්තේ අදාල අයිස්ක්‍රීම් තමන් නිශ්පාදනය නොකරන බවත් තමන් අයස්ක්‍රීම් චුන්නාකම් ප්‍රදේශයෙන් මිලට ගෙනවිත් අලෙවිකරන බවටත් සිදුවූ අත්වැරදීමෙහි වරද තමන් පිළිගන්නා බවටය.

පසුගියදා අදාල අයිස්ක්‍රීම් වෙළඳසැලට පැමිණි පාරිභෝගිකයා විසින් අයිස්ක්‍රීම් මිලට ගෙන ආහාරයට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී එහි අදාල ගෙම්බා සිට ඇති අතර පසුව පාරිභෝගිකයා විසින් මේ පිළිබඳව එහි හිමිකරුටද දැනුම් දී වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය දැනුවත් කරන ලදි.

අනතුරුව ඒම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් අදාල අයිස්ක්‍රීම් තොගයම ඔවුන් භරයට ගෙන පරික්ෂා කොට වෙළඳසැලේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *