Tue. May 21st, 2024

පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂ නාමල් රාජපක්‍ෂ – යෝජනා සම්මත කෙරේ…!

By admin Feb27,2024

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා පත් කළ යුතු යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බවත්‍, යම් හෙයකින් තමන් පරාජය වුවහොත් අගමැති ධූරය තමන්ට ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත්ය.

මෙම සිදුවීම කන වැටුණු පොහොට්ටුවේ ප්‍රබල මැති ඇමතිවරු “නාමල්ට පිස්සු” යනුවෙන් පවසා ඇති අතර එලෙස තීන්දුවක් ශ්‍රී ලජකා පොදුජන පෙරමුණේන් ඉදිරියේදී ගතහොත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔවුන් තීරණය කර ඇත.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්‍, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි‍, ඉන්දික අනුරුද්ධ යන අය සහභාගී වී සිටියහ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *