ඉල්ලා අස්වූ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම මත ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයන් අතර යම් මතගැටුම්කාරී ස්වභාවයක් ඇති වී තිබේ.
ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේව සිරි මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකු වන ජානක අධිකාරිය මහතා අතර සමාජ ජාලයන්හි මෙවන් එක් සංවාදය ඇති වී තිබේ.
ජානක අධිකාරි මහතා තම සමාජ ජාලයේ අශෝක රන්වල මහතාට පක්ෂපාතිව පළ කළ සටහනකට නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරන්නේ ජනතාවට පක්ෂයෙන් සත පහක වැඩක් නැති බවත් පාර්ලිමේන්තුව පක්ෂයේ බූදලයක් නොවන බවත්ය.
z මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ජනතාවට පක්ෂයෙන් සත පහක වැඩක් නැත. පක්ෂයට කල දේ වෙනුවෙන් පක්ෂ අරමුදලෙන් ඕනෙ දෙයක් කරගත්තාට ජනතාවට කමක් නැත. පාර්ලිමේන්තුව පක්ෂයේ බූදලයක් නොවේ.දැන්මම පක්ෂය සහ ජනතාව යනු දෙකක් බව අවබෝධ කර නොගත හොත් මාලිමා ආණ්ඩුවට අබ සරණය.