Fri. Jan 24th, 2025

කරන්ට් වද්දලා මේ අවුරුද්දෙදි විතරක් අලි 50ක් නැති කරලා – අසාර්ථක වනජීවී ලොක්කෝ තාම පුටුවල – ජනාධිපති අනුරත් නිහඬයි..!

2024 වසරේ මේ දක්වා කාලයේ විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනකු පමණ මරණයට පත්ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, එම අවස්ථාවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ගෙන තිබූ බවයි.

විදුලි සැපයුම අනවසරයෙන් ගැනීම වැළැක්වීම සඳහා සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා ජනතා සහය තව දුරටත් බලාපොරොත්තු වන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

අනවසරයෙන් විදුලිය ගැනීම් පිළිබඳව තොරතුරු තිබේ නම් ක්‍ෂණික දුරකථන අංක වන 1987 හෝ 0112118767 දුකරථනයට තොරතුරු දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදුලිබල මණ්ඩලය මෙවැනි වූ තාවකාලික ක්‍රියාමාර්ග ගත්තද මහජනතාවගේ බදු සල්ලි වලින් පඩි ගන්න වනජීවී දෙපාර්තුමේන්තුව මේ සම්බන්ධයෙන් තවමත් අලසව සිටීම විමතියට දනවන්නක්.

විශේෂයෙන්ම මාලිමා නව ආණ්ඩුවක් පත් වුනත් වසර ගණනාවක් තිස්සේ වනජීවි දෙපාර්තුමේන්තුවේ ඉහල පුටුවල සිටින ලොක්කන් තවමත් යෙහෙමින් එම පුටුවල වැජඹෙමින් සිටිනවා.

මේ පිලිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානයද තවමත් යොමු වී නැති බව පෙනී යනවා.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *