‘අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල්’ කිරුළ දිනූ ශ්‍රී ලාංකික මල් කැකුළ “ඇන්ජෙලා”
තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් – 2025 ( I am Model Search Kids International ) රූ රැජින තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණියයි.
ප්‍රවේශමෙන් තෝරා ගැනීමෙන් පසුව, ඇන්ජෙලා ඇගේ චමත්කාරය හා දක්ෂතාවයෙන් සැබවින්ම අපව ආකර්ෂණය කර ගත් බව තරග සංවිධායකයින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
ලෝකයේ රටවල් 16 ක් නියෝජනය කරමින් පැමිණි තරගකරුවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර මෙම තරගය පවත්වා තිබුණා.
කොළඹ හැව්ලොක් පෙදෙසේ පදිංචි ඇන්ජලා විමලසූරිය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන ඊයේ දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.