Fri. Oct 18th, 2024

කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවතට..!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විවේක ගැන්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ මස අගදී ආරම්භ වන ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් ඇතුළත් නොවනු ඇති බවය.

දිගින් දිගටම පිතිකරණයෙන් සාර්ථකත්වයක් පෙන්නුම් නොකිරීම මත ඔහු විවේක ගැන්වීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇත.

කෙසේ වෙතත් වන්නිදු හසරංග 20-20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව නායකත්වය සදහා සලකා බලන නම් අතර කුසල් මෙන්ඩිස්ගේ නමද ඇතැයි වාර්තා විය.

වනිදු හසරංග ඉල්ලා අස්වෙයි..!

ශ්‍රී ලංකා ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග විස්සයි විස්ස නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. නායකත්වයෙන් ඉවත් වුනද ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කරන ලද බවත් හෙතෙම කියා සිටී.

ක‍්‍රීඩකයෙකු කණ්ඩායමටත් නායකයාටත් සෑම විටම තම උපරිමය ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගන්නා බවත් වනිදු හසරංග ඉදිරියේදී ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස සිටිනු ඇති බවත්ය.

ක‍්‍රිකට් පුහුණුකරු ධුරය සනත් ජයසූරියට..!

ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ලංකා නායක සනත් ජයසූරිය පත්කිරීමට තීරණය කර තිබේ.

ඒ ස්ථිර පුහුණුකරුවකු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පත් කරන තෙක්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් මහතා සිය ගිවිසුම් කාලය අවසන් වී මවුරට බලා පිටත් වී ගියේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *