Sat. Mar 2nd, 2024

ක‍්‍රිකට් බලන්න ප්‍රේක්ෂකයන් නාවේ කලින් පැරදුනු නිසා නොවෙයි..ජනතාවට ප‍්‍රශ්ණ නිසා..! – වනිදු

By admin Jan 12, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාවේ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් ඉතාම අඩුවෙන් සහභාගි වූයේ කලින් තරග පරාජය වූ නිසා යැයි තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග සඳහන් කරයි.

රට තුළ ඊටත් වඩා ජනතාවට දැනෙන ප්‍රශ්න ඇති නිසා තරගාවලිය නැරඹීමට නොපැමිණෙනට ඇතැයි තමන් සිතන බවද ඔහු පැවසීය.

රට තුළ බොහෝ ප්‍රශ්න ජනතාවට තිබියදී පාර්ලිමේන්තුවේද ක්‍රිකට් පිළිබඳව විශාල වශයෙන් මෑත කාලයේදී කතාබහට ලක් වූ බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ සිම්බාවේ කණ්ඩායම සමග පැවති තුන්වන හා අවසන් එක්දින තරඟය ජයග්‍රහණයෙන් පසුව පැවති මාධ්‍ය හමුව අමතමිනි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *