Fri. Oct 18th, 2024

මං ජනාධිපති වෙනවා.. රට හදන වැඩපිලිවෙල අදම කියනවා..! – විජේදාස මාධ්‍ය හමුවේ..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස තමන් තරග වදින බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

තමන් ජනාධිපති වූ පසුව සිදු කරන බදු සංශෝධන හා නීති ක්‍ෂෙත‍්‍රයේ සංශෝධනයන් සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කරන ලදී.

ඇමති ධුරයෙන් ඉවත්වන්නයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්දැයි කළ විමසීමකට ඔහු කියා සිටියේ මෙතෙක් එවන්නක් දැනුම් දිය නැති බවත් අප රැකගත් ආණ්ඩුව තුළ කතා කිරීමට අයිතියක් තමන්ට ඇති බවත්ය.

සැබෑ විය යුතු සුබ ආරංචිය අද තමන් විසින් දෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ සඳහන් කර සිටියේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *