Sat. Jul 27th, 2024

එතෙක් මෙතෙක් සිනමාව තුළ අප නොදැකපු අලුත්ම කතාවක් – මිදුණු විශ්වය

අප දැනට දන්නා පරිදි අවකාශය මාන තුනකින් දැක්විය හැකි ලෙසම කාලය ද එවැනිම වූ තවත් මානයක් ලෙස දැක්විය හැකිය. මේ පිළිබඳව මුල්වරට පැවසුවේ අයින්ස්ටයින් විසිනි. ඔහු පවසන පරිදි කාලය සහ අවකාශය එකිනෙකට සම්බන්දය. එසේම ඔහුගේ සාපේක්ෂතාවාදය තුලින් ඔහු පෙන්වා දෙන්නේ, අපේ විශ්වයට නිශ්චිත වූ වේග සීමාවක් ඇති බවයි. එය ආලෝකයේ වේගයයි. එම වේග සීමාව ඉක්මවා යා හැකි කිසිවක් නොමැති බව ඔහු පවසයි.

මෝහනය ආශ්‍රයෙන් කාලය හරහා යා හැකිද..? සිත දියුණු කිරීමෙන් අවකාශයේ සහ කාලයේ චරිත අතර හුවමාරුවීමක් කල හැකිද? එනම් සිත වනාහි වේගවත්ම ප්‍රවාහන මාධ්‍යයි. එක් තැනක සිට තවත් තැනකට එක් සිතීමක් තුලින් යා හැකිනම්, එය කාලයටත් සාපෙක්ෂ වූ විට එය කාලය හරහා ගමන් කිරීමකට සමාන වීමක් වේ.

අකාල සන්ධ්‍යා නොහොත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා. මේ තමයි ජයන්ත චන්ද්‍රසිරිගේ පළමු කාලය හරහා ගමන. මේක යන්න Time Machine එකක් ඕන උනේ නෑ. මේක තමයි සිත දියුණු කරලා, ධ්‍යාන වැඩීම ඇසුරෙන් කුණ්ඩලීනී ශක්තිය වැඩීමෙන් කාලය හරහා ගමන් කිරීමක් පෙන්වූ පලවෙනි නිර්මාණය.

එසේ නොනැවතී මෙම කාල තරණය නව මානයකට එක් කරමින් කාලවකවානු දෙකක ජීවත් වන දෙදෙනෙකුගේ සුන්දර ආදර කතාවක් ඇසුරෙන් ජයන්ත විසින් නිර්මාණය කරන ලද නවතම සොඳුරු සිනමා සිත්තම මිදුණු විශ්වයයි. ඒ රාජිනී මදිරාක්ෂි නම් 60 දශකයේ සුරූපී නිළිය සහ මෑත කාලයේ රංගනාචාර්‍ය්වරයෙක් වන වරේන්‍ය වාල්මික වික්‍රමසිංහ අතර ආදර කතාව ඇසුරෙනි.

ජයන්තගේ සමනළ සංධ්වනිය නිෂ්පාදනය කළ රුවන් ජයසිංහ ප්‍රමුඛ රූ සිනමා ආයතනය මිදුණු විශ්වය සිනමාපටයේද නිෂ්පාදන දායකත්වය දරයි. මාතා, ගරිල්ලා මාකටිං රුවන් ජයසිංහ විසින් ප්‍රේක්ෂකොබ වෙත තිළික කර තවත් සිනමාපට වේ. උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්,චුලක්ෂි රණතුංග, දමිතා අබේරත්න මෙහි ප්‍රධාන නළු නිළියන්ය. නිමල් ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂවරයාය, කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ප්‍රවීණ් ජයරත්නගෙනි. ප්‍රසන්න ඉත්තෑපාන නිෂ්පාදන කළමනාකරුය, නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ. දමිතා අබේරත්න, කුෂානි සඳරේඛා සහ ලෙස්ලි තෝමස් ගායනයෙන් එක් වේ. ඉන්දික උදාරලංකා අංග රචනයෙන් ද, පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන් ද මිදුණු විශ්වය සඳහා එක් වේ. තිර රචනය සහ ගීත රචනය මධුමනී හපුආරච්චි සහ ජයන්ත චන්ද්‍රසිරිගෙනි.

අග්නි දාහය, ගරිල්ලා මාර්කටිං, සමනළ සංධ්වනිය, මහරජ ගැමුණු සහ ඝරසරප වැනි දැවැන්ත සිනමාවන් හා දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, වෙද හාමිනේ, රැජන ආදී අමරණිය ටෙලි සිතුවම් ද ජයන්තගේ අධ්‍යක්ෂණයන් වේ.

එතෙක් මෙතෙක් සිනමාව තුළ අප නොදැකපු අලුත්ම කතාවක් සහිත මිදුණු විශ්වය සිනමා ශාලාවක නැරඹීම මඟින් අත්දැකීම් වඩාත් තීව්‍ර කර ගත හැක

Article by- Samitha Roshan

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *