ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
නිදහස් ශ්‍රී ලංකාවේ 79 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකෙරෙනු ඇති.
පෙරවරු 10.30 සිට ජනපති අයවැය ඉදිරිපත් කරන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණා.
සීමිත බදු අරමුදල් ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම
මහජන මුදල් වැය කරන්නේ ආර්ථික හා සමාජ ප්‍රතිලාභ අරමුණු කරගෙන පමණයි.
කර්මාන්ත, සේවා සහ කෘෂිකර්මාන්ත අංශවල වර්ධනය ප්‍රධාන ඉලක්කයක්
නියාමන ආයතන හරහා වෙළදපොළ නියාමනයට වැඩි අවධානයක් යොමු කිරීම
දූෂණය පිටුදැකීම කිලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
අමෙරිකානු ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් අපේක්ෂා කරයි
ජාතික අපනයන සැලැස්මක් සකස් කිරීම
නව රේගු පනතක් සකස් කිරීම
ආර්ථික පරිවර්ථන පනත සංශෝධනය කිරීම
එක් ස්ථානයකින් සියලු සේවා ලබා ගැනීමට යාන්ත්‍රණයක් ඇති කිරීම
ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම
මාසයක් ඇතුළත කොළඹ වරාය බටහිර සහ උතුරු ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවීම
වේයන්ගොඩ අභ්‍යන්තර බාහාලුම් අංගයනක් ස්ථාපිත කරනවා.
වරාය බහාලුම් කලමනාකරණයට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීම
සියලුම පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීම
මුදල් නෝට්ටු පදනම් වූ ආර්ථික ක්‍රමයෙන් ඉවත්වීම
තොරතුරු තාක්ෂණ ආදායම ඇ.ඩො.මි. 5ක් දක්වා ඉහළ නැවීම
සංචාරක ක්ෂේත්ත්‍රයේ නව ගමනාන්ත හඳුන්වා දීම
සංචාරකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හඳුන්වා දීම
බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම
ජපන් රජයේ සහයෙන් ගුවන්තොටුපොළේ දෙවැනි පර්‍යන්තයේ ඉදිරිකිරීම ඇරඹීම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් සඳහා රජයෙන් සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීම
නවෝත්පාදන සහ පර්‍යේෂණ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම
අධික ධාවනය සහ නඩත්තු වියදම් දැරීමට සිදුවන සුභෝපභෝගී වාහන වෙන්දේසී කිරීම
ජනපති මන්දිර හා නිල නිවාස ආර්ථික සහ මහජන සේවා සඳහා යොදා ගැනීමට පියවර ගැනීම
මන්ත්‍රීවරුන්ට 2025 වසරේ වාහන බලපත්‍ර සහ වාහන ලබා නොදීම
රාජ්‍ය ආයතනවල අවශ්‍යතාව සමාලෝචනයට අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවීම
ගැබිණි මාතාවන් සඳහා ආධාර ලබාදීමට රුපියල් මිලියන 7500ක් වෙන්කිරීම
ත්‍රිපෝෂ වැඩසටහන සදහා රුපියල් මිලියන 5000ක් වෙන්කිරීම
සොඛ්‍යට රුපියල් බිලියන 604ක් වෙන්කිරීම
ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා වසර 5ක ජාතික වැඩසටනක් දියත් කිරීම
ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර මධස්තාන පිහිටිවීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීම
පාසල් යටිතල සඳහා පහසුකම් රුපියල් මිලියන 1000කට වැඩි ප්‍රමාණයක් වෙන් කිරීම
පෙර පාසල් ලමුන් උදෑසන ආහාර වේලකට ගෙවන මුදල 60 සිට 100 දක්වා ඉහළ දැමීම
පෙර පාසල් ගුරුවරියන්ට ලබා දෙන දීමනාව රුපියල් 1000කින් ඉහළ දැමීම
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 80ක් වෙන් කිරීම
අඩු ආදායම් පවුල්වල දරුවන්ගේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1500 දක්වා ඉහළ දැමීම
මහපොල ශිෂ්‍යාධාර රුපියල් 5000 සිට 7500 දක්වා ඉහළ දැමීම
යාපනයේ පුස්තකාල නවීකරණයට රුපියල් මිලියන 100ක් වෙන් කිරීම
පළාත් 5ක ක්‍රීඩා සංවර්ධන සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
සංශෝධිත විදුලිබල පනත කඩිනමින් සම්මත කිරීමට පියවර ගැනීම
අවම ගාස්තුව මත පදනම් වූ බලශක්ති ක්ෂේත්‍රෙයේ ආයෝජනයට අවස්ථාවන් ඇති කිරීම
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61ක් ජාත්‍යන්තර හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය පියවර ගැනීම
පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කිරීම
2024 -2025 මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීම
කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම
වී සහ සහල් නියාමනය කිරීමට වී අලෙවි මණ්ඩල පනත සංශෝදනයට පියවර ගැනීම
ඌන උපයෝගිතාව සහිත ඉඩම් පුද්ගලික අංශයයේ ද සහභාගීත්වයෙන් සංවර්ධනයට පියවර ගැනීම
කෘෂිකාර්මික ක්ෂේත්‍රයට තරුණයින් දායකකර ගැනීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
කිරි ගොවිපොළවල්වල ඵලදායිතාවය වැඩි කිරීමට රුපියල් මිලියන 2,500ක් වෙන් කිරීම
වාරි ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් මිලියන 7,800ක් වෙන් කිරීම
උතුරු පොල් ත්‍රිකෝණයේ අක්කර 16,000ක් වගා කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
2025 වසරේ අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණයට රුපියල් බිලියන 232.5ක් වෙන් කිරීම
අස්වැසුමට ඇතුළත් නොවූ නව පවුල් ඇතුළත් කර ගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
වකුගඩු රෝගීන් සඳහා දීමනාව රු 7500 සිට රු 10000 දක්වා ඉහළ දැමීම
වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ දැමීම
ළමා නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
අනාථ දරුවන් සඳහා සමාජ ආරක්ෂණය ඉහළ නැවීමට පියවර ගැනීම
අනාථ දරුවන්ට සහ රැදවුම් නිවාසවල සිටින දරුවන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පියවර ගැනීම
රැදවුම් නීවාසවල සහ අනාථ දරුවන්ට දීමනා ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම
අවතැන් දරුවන්ට සහ තරුණයින්ට නිවසක් ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියනයක ආධාරයක්
වයස අවුරුදු 18න් පසුවත් අවශ්‍යතා මත අවතැන් දරුවන්ට රුදී සිටි නිවසේම සිටීමට අවස්ථාව සැලසීම
ආපදාවකදී ගෙවන ජීවිත වන්දි මුදල රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීම
අලුත් අවුරුදු සමයේ දැරිය හැකි මිලකට ලංකා සතොස හරහා වියළි ආහාර සලාකයක් ලබා දීම
ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම
මතින් තොර සමාජයක් වෙනුවෙන් වැඩසටහන් දියත් කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
බන්ධනාගාර රැදවූවන්ට වෘත්තීය නිපුණතාවය ලබා දීමේ වැඩසටහනට තවත් රුපියල් මිලියන 100ක් වෙන් කිරීම
පොදු ප්‍රවාහන සේවා පුළුල් සහ නවීකණය කිරීමට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම
මගී ප්‍රවාහනය වැඩි දියුණු කිරීමට ලංගම හරහා නව බස්රථ 200ක් යෙදවීම
පැරණි දුම්රිය මැදිරි ප්‍රතිසංස්කණයට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්‍යන්ත තවදුරටත් දියුණු කිරීමට පියවර ගැනීම
තඹුත්තේගම සිට කෘෂිකාර්මික නිෂ්පාද ප්‍රවාහන සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන වැඩසටහනක් දියත් කිරීම
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ණය සහ පොලිය ගෙවීමට රුපියල් මිලියන 20,000ක් යෙදවීම
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දෛනික මෙහෙයුම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදීම
ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කණයට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම
ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10ක් වෙන් කිරීම
අම්ල සහ ශාර ඇතුළු රසායනික නිෂ්පාදන සඳහා වෙන් වූ කාර්මික කලාපයක් පරන්තන්වලදී ඉදිකිරීම
වතු නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4,268ක් වෙන් කිරීම
මෝටර් රථ උපාංග සහ රබර් සඳහා කැපවුණු කාර්මික ජනපදයක් පිහිටුවීම
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සඳහා රුපියල් මිලියන 5000ක් යෙදවීම
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට රුපියල් මිලියන 750ක් යෙදවීම
අලි මිනිස් ගැටුම අවම කිරීමට විදුලි වැට සංවර්ධනය සඳහා රුපියල් මිලියන 300ක් යෙදවීම
මූල්‍ය වෙළෙදපොලේ සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම
දූෂණය පිටු දැකීමට නීති රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම
තඹුත්තේගම ජල සැපයුම් ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනීම
ගිරිබාව එප්පාවල ජල සම්පාදන යෝජනා ක්‍රමය නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම
ප්‍රජා ජල සම්පාදන ක්‍රම කඩිනමින් අවසන් කිරීමට රුපියල් මිලියන 2000ක් වෙන් කිරීම
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර ගැනීම
රැකියා විරහිත උපාධිධාරීන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පියවර ගැනීම
රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40000 දක්වා ඉහළ දැමීම