Sat. Jul 27th, 2024

රටේම 60%ක් කණකර උකස් තියලා.. ජනතාව ජීවන අරගලයක – කාදිනල් හිමි

අද වන විට මෙරට ජනතාවගෙන් 60%ක පමණ පිරිසක් තම කණකර රන් ආභරණ උකස් කර හෝ විකුණා දමා ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරති.

ජනතාව අද වනවිට ජීවත්වීමට විශාල අරගලයක නිරත වන බවද එතුමන් කියා සිටියි.

රදගුරුතුමන් මෙම අදහස් පල කරන ලද්දේ ගම්පහ මිරිස්වත්ත බෝගමුව දෙව්මදුරේ පැවති විශේෂ දේශනයකදීය.

ජනතාවට තම දෛනික වියදම පියවා ගැනීමට පවා නොහැකිව විශාල ආර්ථික අහේනියකට පත්ව සිටින බවත් කාදිනල් හිමියන් පැවසූහ.

ජීවත්වීමට ප්‍රමාණවත් මාසික වැටුපත් තම රැකියාවෙන් හෝ ජීවනෝපායන් නොලැබෙන නිසා ජනතාව මෙම තත්ත්වයට පත්ව සිටින බවද එතුමන් තවදුරටත් කියා සිටියහ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *