Fri. Feb 21st, 2025

ගණේමුල්ල සංජීව සිද්ධියේ සැකකාරිය සෙවීමට පොලීසිය මහජන සහාය පතයි – හරි ඔත්තුවකට සල්ලි මල්ලක්…!

19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත් කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විර්මශන ආරම්භ කර ඇත.

මෙම වෙඩි තැබීම සිදු කරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

සැකකාරියගේ විස්තර :-

01. නම :-පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි
02. වයස :-අවුරුදු 25
03. ජා.හැ. අ :-995892480v
03. ලිපිනය :-243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම.

සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා ඡායාරූප මේ සමඟ ඔබ මාධ්‍ය වෙත යොමු කරන අතර, සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක :-
* අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591727
* ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591735

මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.

එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *