Sat. Jul 27th, 2024

බුද්ධි වාර්තාව අනුව අනුරට 60% – ජේවීපි වාර්තාව අනුව අනුරට 54% | අනුර ජනපති වෙන එක ටක්කෙටම ශුවර්

එළඹෙන ජනාධිපතිවරණයේදි බලය හිමි කරගන්නා අපේක්ෂකයා පිලිබඳව කරන ලද සමීක්ෂනයකට අනුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබෙනවා.
එහිදී බුද්ධි වාර්තාවකට අනුව අනුර කුමාර 60% කට වඩා මනාප ලබා ගන්නා බවට සඳහන් වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අප මේ පිළිබඳව ක්‍රියාකාරි ජේවීපි ආධාරකරුවෙකුගෙන් විමසා බැලූ විට ඔහු සඳහන් කරේ ජේවිපිය කල සමීක්ෂනයකට අනුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර හට 54% ක ප්‍රතිශතයක් තිබූ බවට හෙදිදරව් වූ බවයි.

තත්වය මෙසේ තිබියදී ඉන්දියාව කල නිල ආරාධනාවකට අනුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර ඉන්දියාව බලා ගොස් තිබෙනවා.

ශ්‍රීලංකාවේ ජනාධිපතිවරණයකදි තීරණාත්මක බලපෑමක් එල්ල කිරීම මත ඉන්දියාවේ සහය ලබා දෙන පුද්ගලයා බොහෝ විට ශ්‍රීලංකාවේ ජනාධිපති බවට පත්වීමේ වැඩි ඉඩ කඩක් තිබෙනවා.

ඒ අනුව නරේන්ද්‍ර මෝඩි රජයේ තෝරාගැනීම අනුර කුමාර වුවහොත් බොහෝ විට ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර වනු ඇති.

ජාතික ජන බලවේගය පක්ෂය මුලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ මත ගොඩ නැගී ඇති අතර එම පක්ෂය මීට පෙර ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි. ඉන්දු – ලංකා සාම ගිවිසුම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ අතර ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි මතවාදයක් ඔවුන් විසින් මෙහෙයවන ලැබීය. ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වුණු 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට ද ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කර තිබුණි. සිය පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීමේ දී සිදුකරන පන්ති පහ පැවැත්වීමේ දී ද ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීමක් සිදුකළ බව වාර්තා වේ. කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමග හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සුදානම් බවය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *