ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණ ශාලාව තුළ විත්ති කූඩුවේදී මරා දැමීමට කටයුතු කළ ඝාතකයා එය සිදුකර ඇත්තේ රුපියල් කෝටි එකහමාරක මුදලකට බව හෙලි වී තිබේ.
ඩුබායි හි සිට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ පුද්ගලයා එහි අත්තිකාරම් ලෙස ලබා දී තිබුණේ ලක්ෂ දෙකක මුදලකි.
ඝාතනයෙන් අනතුරුව ඔහු කල්පිටිය ප්‍රදේශයෙන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමේ සූදානමින් සිටි බවට ලද තොරතුරු මත පොලිසිය සිදු කළ හදිසි මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති අයෙක් බවත් ඔහු ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙවන් ආකාරයේ පාතාල කටයුතුවලට සම්බන්ධ වී ඇති බවටද තොරතුරු හෙලි වී ඇත.
නිල නොවන වාර්තා සඳහන් කරන්නේ ඔහුට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයන් විසින්ම මොහු පලායාම සම්බන්ධයෙන් ඔත්තුවද ආරක්ෂක අංශ වෙත වෙත මුදාහැර ඇති බවකි.
මොහු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන් නීතිඥවරයෙකු බව පවසමින් නීතිඥ හැඳුම්පතක්ද පොලිසියට පත් කර තිබින.
නමුත් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය තවදුරටත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුර ගැනීම සිදුකර තිබේ.