Sat. Jul 27th, 2024

ලන්දේසින් හොල්මන් කල රාසාගේ ප්‍රහාරය මෙන්න.

සුපිරිම හඹායෑමක් ඒක..!!!
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ අතර ගැටුම පැවැත්වුනේ හරාරේ පිටියේ අති උත්කර්ෂවත් ප්‍රේක්ෂක උන්මාදය ඇතුවයි.
නෙදර්ලන්තය පන්දුවාර 50ට ලකුණු 315ක් ලබා ගන්නවා. ඒ ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ පිල වගේවගක් නැතුව පන්දුවාර 40යි පන්දු 5න් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 319ක්ම රැස් කරලා තරගය වේලාසනින්ම ඉවර කරනවා.
ඒ ගහපු විදිහට නෙදර්ලන්තය ලකුණු 400ක් ගැහුවත් සිම්බාබ්වේ පිල නවත්තනවා බොරු..!
මේ සිම්බාබ්වේ පිල එක්දින පිටියේ වාර්තා කල තුන්වෙනි හොදම හඹායෑම වෙනවා.

සිකන්දර් ‍රාසා !!!
රාසා කියන්නේ වීරයෙක්…
සිම්බාබ්වේ වලට විතරක් නෙමෙයි ලෝකෙටම වීරයෙක්,
සිම්බාබ්වේ ක්‍රිකට් කියපු සැනින් මතකයට නැගෙන නම් අතරේ ඉදිරියේදී සිකන්දර් රාසා නමත් රන් අකුරින් ලියවේවි…

සිම්බාබ්වේ පිල වෙනුවෙන් පිතිකරුවෙක් වාර්තා කල වේගවත්ම එක්දින ශතකය අද රාසා වාර්තා කරනවා. එක්දින තරගයක විස්සයි විස්ස ඉනිමක්…
පන්දු 54යි.
නොදැවී ලකුණු 102යි.
හතරේ පහරවල් 6යි.
හයේ පහරවල් 8යි.
ප්‍රහාරක වේගය 188.88යි.

ඒක විතරක්මත් නෙමෙයි. පිතිකරුවන්ට රජ මගුල් තියෙන මේ තණතීරුවේ ලකුණු 55කට කඩුලු හතරකුත් දවා ගන්න සිකන්දර් රාසාගේ මායාකාර දඟ පන්දුවට පුළුවන් වෙනවා.

මොන තරම් විශිෂ්ඨ ක්‍රීඩකයෙක්ද ?
ඔහු එය ලොවටම පෙන්නුවා

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *