Thu. Dec 26th, 2024

විදුලි බලයෙන් අලි-ඇතුන් මරා දැමීම​ – මෙන්න නීතිය

විදුලි බලයෙන් අලි-ඇතුන් මරා දැමීම​ – මෙන්න නීතිය – දැන්වත් දීඝ 1 මරා දැමූ අයට එරෙහිව කටයුතු කරන්න..!

විදුලි බලය භාවිතයෙන් අලින් හෝ ඇතුන් මරනයට පත් කිරිම​,තුවාල සිදු කිරීම හෝ හිංසා කිරීමට අදාල නීතිමය තත්වය පහත සඳහන් පරිදි වේ.

කිසියම් අලියෙක් හෝ ඇතෙක් විදුලි බලය මගින් මරනයට පත් කිරීම​,තුවාල සිදු කිරීම යන ක්‍රියාවන් වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 12 වන සහ 20 වන වගන්ති අනුව වරදවල් වේ.විශේශයෙන්ම පනතේ 20(1)(අ) උප වගන්තිය යටතේ යමෙක් යම් අලියෙක් හෝ ඇතෙක් මරනයට පත් කිරීමට​,තුවාල කිරීමට හෝ අල්ලා ගැනීමට යම් විදුලි රැහැනක් භාවිතා කිරීම ප්‍රකාශිතවම තහනම් කර තිබේ.

මෙහිදී එම විදුලි බලය ලබාගෙන තිබෙන්නේ ප්‍රධාන ධාරාවෙන් වුවත්,සූර්‍ය කෝශයකින් වුවත්,බැටරියකින් වුවත්,විදුලි ජනක යන්ත්‍රයක් හෙවත් ජෙනරේටර් යන්ත්‍රයකින් වුවත් වරද ඒකාකාරිව අදාල වේ.නමුත්,එය ප්‍රධාන ධාරාවෙන් ලබාගෙන තිබේනම් මීට අමතරව විදුලිබල පනත යටතේද වරදක් කර තිබේ.

මෙම පනත යටතේ වරදක් සිදුවීමට අදාල වන්නේ එකී ක්‍රියාව සහ එහි ප්‍රතිඵලය පමනක් වන නිසා ප්‍රධාන ධාරාවෙන් පරිබාහිත නීත්‍යානුකූල විදුලිබල ප්‍රභවයන් වන සූර්‍ය කෝශයකින් වුවත්,බැටරියකින් වුවත්,විදුලි ජනක යන්ත්‍රයකින් වුවත්,ඒ මගින් අලියෙක් මරනයට පත්වී තිබේනම් හෝ තුවාල වී තිබේනම් හෝ හිංසාවක් සිදුව තිබේනම් එය අනිවාර්‍යයෙන් වරදක් වේ.
මේ සියලු වරදවල් වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 20(2) උප වගන්තිය යටතේ සංඥේය වරදවල් වීමට අමතරව​ ඇප දිය නොහැකි වරදවල් බවටත් පත්කර තිබේ.

එසේ වුවත්,අප කලක් තිස්සේ පෙන්වා දෙන පරිදි මෙරට විදුලි වැටවල් පාලනයට​,විධ්මත් කිරීමට​,නියාමනයට සහ ඊට අදාල ප්‍රමිතීන් සහ උපමානයන් ලබාදීමට සමත් ප්‍රතිපාදනයන් වර්තමානයේ බලාත්මක කිසිඳු පනතක්​ තුල නොමැති වීම දැනට මෙම කරුනට අදාලව නීතියේ පවතින ප්‍රධානම දුර්වලතාවයයි.

මේ නිසා නීත්‍යානුකූල ලෙස සකස් කරන විදුලි වැටවල් සියල්ල ආවරනය වන පරිදි වර්තමානයේ තිබෙන විදුලිබල ක්ශේත්‍රයට අදාල පනතක් සංශෝධනය කිරිමක් තුලින් විදුලි වැටවල් පාලනයට​, විධිමත් කිරීමට​,නියාමනයට සහ ඊට අදාල ප්‍රමිතීන් සහ උපමානයන් ලබාදීමට සමත් ප්‍රතිපාදන මාලාවක් ගෙන ඒම හෝ ඒ සඳහාම නව පනතක් ගෙන ඒමේ විශාල කාලීන අවශ්‍යතාවයක් බව පෙනී යන්නකි.

මෙම කරුනු විදුලිබලයට අදාල නිසා වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනනට නොව විදුලි බලයට අදාල පනත් විමසා බලා ඊට අදාල පනතක් නොමැත්තේ නම් නව පනතක් ගෙන ඒම සිදු කිරීම තුලින් හෝ මෙම කරුනු පාලනයකට යටත් කරලීමට ක්‍රියා කිරීම​ කාලීන අවශ්‍යතාවයක් බව පෙනී යන්නකි..

උපුටාගැනීම Jagath Gunawardana

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *