Sat. Jul 27th, 2024

නාසා විද්‍යාඥයන් ලංකාවට ඇවිත් – අගහරුගේ ජීවය සෙවනගල සොයයි..!

අඟහරු ග්‍රහයාගේ ඇති පාෂාණ වලට සමාන පාෂාණ ලංකාවේ දකුණු ප්‍රදේශ වලින් සොයා ගැනීමත් සමග ඇමරිකාවේ නාසා ආයතනය විසින් පර්යේෂණ කටයුතු කීපයක් මේ දිනවල එම ප්‍රදේශයන් ආශ්‍රිතව සිදුවෙමින් පවතී.

නාසා ආයතන සමග කටයුතු කරන රටවල් කිහිපයක හා මෙරට විශ්වවිද්‍යාල කිහිපයක විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

සෙවනගල ප්‍රදේශයේ ගිනිගල්පැලැස්ස ප්‍රදේශයේ ලබා ගන්නා ලද මෙම පාෂාණ සාම්පල ඉදිරි පර්යේෂණ සඳහා නාසා ආයතනය වෙත ගෙනයාමටද නියමිතය.

ගිනිගල්පැලැස්ස ප්‍රදේශයේ ගස් සරුවට නොවැඩෙන බව පවසන පර්යේෂකයන් පාෂාණ ඇති ප්‍රදේශවල ජනප්‍රවාද හා ඒ ආශ්‍රිතව නම් බිහි වූ ආකාරය පිළිබඳව ද තොරතුරු ලබා ගනිමින් සිටී.

ගිනිගල් පැලැස්සට නුදුරින් පිහිටි ඉදිකකොලපැලැස්ස, අම්බලන්තොට උස්සංගොඩ ඇතුළු තවත් ස්ථාන කිහිපයක පස් සාම්පල් ලබා ගැනීමට නියමිතව තිබේ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *