Tue. Jan 21st, 2025

මිල සූත්‍රය අයහපත් දෙයක් නොවේ – ජනපති අනුර (Video)

ඉන්ධන මිල සූත්‍රය යනු අයහපත් දෙයක් නොවන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙරට තෙල් සමාගම් කිහිපයක්ම ඇති නිසා ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දුන හොත් සියලු සමාගම්වලටද එම සහනාධාරය ලබා දීමට සිදුවන බවද හෙතෙම කියා සිටියි.

එනිසා ඉන්ධන සඳහා සහනාධාර ලබා දීම උචිත ක්‍රමයක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එනිසා කළ යුතුව ඇත්තේ නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගැලපීම බවත් පවසන ජනාධිපතිවරයා එය මිල සූත්‍රය ලෙස හඳුන්වමින් ඇති බවද කියා සිටියේය.

නිෂ්පාදන පිරිවැයට මිල ගැලපීම කළ යුතු බවත් එහිදී අභියෝගය වන්නේ නිෂ්පාදනයට පිරිවැය අඩු කර ගැනීම බවද හෙතෙම පෙන්වා දෙයි.

ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගැළපුවේ නැතිනම් එය පාඩු ලබන බවත් ඒ නිසා නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගැලපීම කොතැනකවත් ප්‍රතික්ෂේප නොකරන බවද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *