Fri. Feb 21st, 2025

සැමියාගේ පෙරැත්ත කිරීමට ඇඟ හදාගන්න ගිය ඇයට පස්සේ ඒක ඇබ්බැහියක් වෙලා..!

සුරූපීව ඉන්නවාට ඔහු ගොඩක් කැමති ඇති..

ඉතින් තමන්ගේ බිරිඳව කෙට්ටු කරගන්න ගොඩක් උත්සාහ කරපු සමියෙකුට අවසානයේ වෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්.. මේ කතාව ඇසෙන්නේ ගාල්ල පැත්තෙන්..

තම සිරුර ගැන ඔහු ගොඩක්ම උනන්දුවුණා… ඒ විතරක්ම නොව ප්‍රිය භාර්යාවගේ සිරුර ගැන ද ඔහු නොසෙව්වාම නොවේ… වැඩක් පලක් නොකර කකා බි බී සිටිය භාර්යාව එන්න එන්න මහත්වීම ඔහු නොරිස්සුවා… ඇය ඒ ගැන දැනුම්වත් කළත් ඇය නෑසුනාවගේ සිටියා… තමා මෙන් ඇවිදීමට එන ලෙස ඔහු භාර්යාවට ඇරයුම් කළා… ඇය එය එක හෙළාම ප්‍රතික්ෂේප කළා..

ඒ තමා සපත්තු දමා බොටමක් ඇද පාරේ යනු දකින ගමේ එකාලාගේ සමච්චලයට ලක්වනු ඇතැයි කියමින් සැමියාගේ මේ සිය ඇඟ මට්ටු කිරීමේ යෝජනාවට ඇය තදින්ම විරුද්ධවූවා.. ඇයගේ කතාවේ ඇත්තක්ම නැත්තේ නොවේ යයි සිතූ ඔහු ඇයට අලු‍ත් යෝජනාවක් ඉදිරිපත් කළා… ඒ කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ඇඟ හදාගත හැකි බවය. ඇය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ මළවිකාර යයි කියමින්…

සැමියාගේ බලවත් පෙරැත්ත මත මස් කඩයට ගෙන යන වැස්සියක මෙන් ඇය වදෙන් පොරෙන් කායවර්ධන මධ්‍යස්ථානයකට ගියා… ඒ සැමියා සමගයි… මුලදි මුලදී ඇය ව්‍යායාම කරන තෙක් ඔහුට එම කායවර්ධන මධ්‍යස්ථානයට වී බලා සිටීමට ද සිදුවුණා… ටික දිනක් යද්දී ඇය තනියම මේ කායවර්ධන මධ්‍යස්ථානයට ගියා.. තවත් ටික දිනකින් ඇය ඉතා උනන්දුවෙන් උදේ‍යා්ගයෙන් මේ කායවර්ධන මධ්‍යස්ථානයට ගියා….

තවත් ටික දිනකින් ඇයගේ ප්‍රියතම කාර්යවූවේ මේ මධ්‍යස්ථානයට ගොස් ව්‍යායාම කිරීමයි… වෙන කොපමණ අවශ්‍යතාවයන් තිබුණත් නොවරදවාම ඇය ව්‍යායාම සඳහා දිනපතාම පාහේ මේ මධ්‍යස්ථානයට ගියා.. කාලයක වෙනසේ අරුමය කියන්නා සේ ඇය ඇත්තටම නෙරා ගිය සිරුර කෙට්ටු කර ගත්තා… දහහතේ දහඅටේ කෙල්ලක මෙන් සිරුර හොඳටම හදා ගත්තා… සැමියා ට හරිම සතුටුයි… සිය භාර්යාව දැන් කෙල්ලෙක මෙන් කියමින් ඔහු ඇයට විහිළු කරන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇතියි…

එදා උදේ ව්‍යායාම සඳහා කායවර්ධන මධ්‍යස්ථානයට ගිය භාර්යාව තමා වැඩ ඇරී නිවසට එනතුරුත් නොපැමිණීම පිළිබඳව සොයා බැලීමේදී ඔහුට දැන ගන්නට ලැබී ඇත්තේ ඇය ගිය කායවර්ධන මධ්‍යස්ථානයේම ව්‍යායාම කිරීම සඳහා පැමිණ සිටි ඇඟ හදාගෙන සිටි කොල්ලෙකු එක්ක පැන ගොස් තිබූ බවලු‍…

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *