Sat. Jul 27th, 2024

ෆොන්සේකාව එලවා, ගෝඨාගේ හෙංචයියන් ගන්න සජිත් කැමතියිලු – Video

සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග වහා ක්‍රියාත්මක කරන්නැයි එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා තිබේ.

පක්ෂයේ ආසන සංවිධායකයින් සමඟ පක්ෂ නායකයා අන්තර්ජාලය ඔස්සේ පැවති සහ සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර තිබේ.

ෆොන්සේකා මහතා දිගින් දිගටම පක්ෂයේ සභාපතිවරයා ලෙස සිටිමින් පක්ෂය හා පක්ෂ නායකත්වය විවේචනය කිරීම පිළිබඳව විනය කමිටුවට කැඳවා ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් ඉල්ලා ඇත.

මෙම සාකච්ඡාවට පක්ෂ මහලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසද සහභාගි වී තිබේ.

මේ අතර පසුගියදා තැන්තැන්වල ගොස් විවිධ කතා කියා පක්ෂය වට්ටවන්නේ නැතිව කයිවාරු නොගහ පක්ෂය වට්ටවන්නේ නැතිව කටයුතු කරන ලෙස සමගි ජන බලවේග නායක හා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරා තිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත් සෘජු තීන්දු ගැනීමේ දී තමා කාටවත් බය නොමැති බවත් හෙතෙම පැවසීය.

සමගි ජන බලවේගය නායකයාට නොව සාමාජිකයන්ට අයිති පක්ෂයක් බවත් එය ජයග්‍රාහී තැනට ගෙන ඒමේ අභියෝගය නායකයා ලෙස තමාට ඇති බවත් පක්ෂයට පුළුල් කරන්න කෘත්‍යාධිකාරි මණ්ඩලය අවසර දුන් බවත් එම නිසා විවිධ පුද්ගලයන් පක්ෂයට බදවා ගත් නමුත් කිසිදු ජාතිවාදියෙක් ආගම්වාදියෙක් දූෂිතයෙක් වංචාකාරයෙක් බදවා නොගන්නා බවත් ඔහු අවධාරණය කරයි.

පක්ෂයට රණවිරුවන් නොපැමිණෙන්නේ යයි පක්ෂයේ ශක්තිය මදි බවට කයිවාරු නොගසා සියලු දෙනා එක්ව පක්ෂය ගොඩනැඟිය යුතු බවත් පක්‍ෂයේ ඇතැමුන් තම මවට සහ පියාට පවා බැණ වැදුණ ද ඊට එරෙහිව පියවර නොගන්නා බවත් ඔහු තව දුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *