Sat. Jul 27th, 2024

සජිත් – ඩලස් නව සන්ධානයක් පිහිටුවයි – හෙලිකොප්රටය කඩාවැටේ.

සමගි ජන බලවේගය මූලික කරගත් පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ගොඩනඟන බව විපක්ෂයේ ස්වාධීන වී සිටින නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.

එම දේශපාලන ධාරාව හරහා ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු ඕනෑම මැතිවරණයකට තරඟ කරන බව ද හෙතෙම පැවසීය.

විපක්ෂයේ සියලුම බලවේග එක්ව පුළුල් සන්ධානයක් බිහිකර ආණ්ඩුව පරාජය කරන බවත් පැවසූ මන්ත්‍රීවරයා කවුරුන් සමඟ එක් වන්නේ ද කවුරුන් සමඟ එක් නොවන්නේ ද යන්න නොව බලවේග වැඩ කරන ආකාරයට පමණක් දේශපාලනය තීරණය වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ කණ්ඩායමක් සිටින බවත් දැනට ආණ්ඩුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *