Mon. Jun 24th, 2024

වැලිඔය ප්‍රදේශයේ පුද්ගලයෙක් අවු.4 දරුවෙක්ට පහරදෙයි – පොලිසිය එද්දී සැඟවිලා.!

By admin Jun4,2024

පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු විසින් අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

සම්පත්නුවර ප්‍රදේශයේ පදිංචි අදාල සැකකරු විසින් ඔහුගේ නිවසේදී කුඩ දරුවෙකු කෑම කමින් සිටින අතරතුරදී අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අසල්වැසියෙකු විසින් වීඩියෝ කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ වැලිඔය සම්පත්නුවර පොලීස් ස්ථානධිපති වරුය ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුගේ නිවස වැටලීමක් කොට ඇතත් ඒ වන විටත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට පොලීසිය පැවසීය.

සැකකරු ප්‍රදේශයේ කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව ඇති බවටත් මොහු මීට පෙර අවස්ථ කිහිපයකදීම මෙම දරුවාට අමානුෂිකව පහරදෙන අතරම ඔහුට ඇති බිය නිසා කිසිවෙකු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී නොමැති බවටද අසල්වාසීන් පොලීසියට පවසා ඇත.

පලාගිය සැකකරු සොයා මේ වන විට පුලුල් සෝදිසි පරික්ෂණයක් අරඹා ඇති අතරම සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ලඟම ඇති පොලීසියට හෝ සම්පත්නුවර පොලීසියට දැනුම් දෙන ලෙසටද සම්පත් නුවර පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංක

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *