Fri. Feb 21st, 2025

විවාහය ප්‍රමාදයිද..? සමහරවිට හේතුව මේක වෙන්න පුළුවන්..මෙන්න බලාගන්න

විවාහය ප්‍රමාද වෙන්නේ ඇයි කියන එක ගැටලුවක්ද..?මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

මේ වගේ වාස්තු දෝෂ ඔබේ නිවසේත් පවතිනවා නම් මෙහෙම වෙන්න පුළුවන්.. අන්න ඒ නිසා මේ දේවල් ගැන දැනගනිමු..

ඊශාන දිශාවේ වැසිකිළිය, කුස්සිය, ගරාජය, ගබඩා කාමර, සේවක කාමර පැවැතීම ද ඊශාන දිශාව දුර්වල වීම ද විවාහ කටයුතුවලට බාධා පැමිණේ. එයටම උතුර නැඟෙනහිර දිශාවල භූමියේ ගල් සහිත වීම, නිරිත දිශාවේ ගිනිකොන දිශාවේ ළිං පැවැතීම හා භූමියේ පවතින සමහර වෘක්‍ෂලතා නිසා ඒවා නිවස අවට පැවැතීමෙන් නිවසට මේ ශාකවල වාස්තු විමෝචන ක්‍රියාවලිය අක්‍රමවත් අශුභාරකාරයට පැවැතීම නිසා අඹ වැනි වෘක්‍ෂයන් නිවසේ ඉදිරිපිට පැවැතීම හා එම වෘක්‍ෂවල පිලල පැවැතීම ද සියඹලා, මඩු වැනි ශාක පැවැතීම ද නිවසක සාමාජිකයන්ගේ විවාහයට අශුභ බලපෑම් ඇති කරයි. ඉදිරි පරම්පරාව යාවත්කාලීන වීම නවතා දැමීමට හේතු දේ.

ජ්‍යොතිෂයට අනුව ජන්මියාගේ 7වන භාවය, 7 අධිපති හා කාරක සිකුරු විවාහය සඳහා දායක වේ. භාව වශයෙන් 6, 9, 12 විවාහය කෙරෙහි බලපාන අතර 7න් 12 වැන්න වීම හා 6 නිවේදනය බ්‍රහමචරියාව (ලිංගිකත්වය, වෙන්ව වාසය කිරීම) පෙන්වයි. නරකම භාව වශයෙන් 6, 12 භාව පෙන්වා දිය හැක. විවාහයට ශුභ නොමැති ග්‍රහයන් වශයෙන් ශනි, කුජ, රාහු කේතු හඳුන්වා දිය හැක. 9වන භාවය ජ්‍යොතිශ්‍රයේදී සියල්ල හොඳ වුව ද විවාහය සඳහා සුදුසු නැත. නමුත් 6, 12 භාවාධිපතින් ද ශනි කේතු ද විවාහයට බලපායි. දුර්වල පාපීන් වුව ද විවාහයට බලපායි. කුජ රාහු වැනි පාප ග්‍රහයන් ද විවාහයට අකමැති අය නොවේ. නමුත් 7භාවය එහි අධිපති, කාරක සිකුරු පීඩාවට පත්වීම විවාහයට ශුභ නොවේ. යමකුගේ විවාහය සම්බන්ධයෙන් ජන්මපත්‍රය පරීක්‍ෂා කිරීමෙන් විවාහය සිදුවන කාලය සම්බන්ධයෙන් විවාහ වන පුද්ගලයා සම්බන්ධයෙන් බොහෝ දේ පැවැසිය හැකිය. මෙම සියලු කරුණු නිවැරදිව පැවතුන ද සමහරකුගේ විවාහය දිනෙන් දින කල්යෑමටත්, විවාහයට බාධා සිදුවීමටත්, තමන්ගේ ජීවත්වන නිවසේ පවතින වාස්තු විද්‍යාත්මක දෝෂ මෙන්ම භූමියේ පවතින දෝෂ ද ඍජුව බලපානු ඇත.

ජන්මපත්‍රය පරීක්‍ෂා කිරීමෙන් තමන් විවාහයට පත් වෙනවා ද තනිකඩ ජීවත් වෙනවා ද යන්න තීරණය කිරීමට හැකියාව පැවැතිය ද විවාහය මේ වකවානුව තුළ මහ දශා අතුරු දශා විදශා දශාවල සිදුවීමට හේතු පැවතුන ද නිවසේ පවතින දෝෂය නිසා ඒ කරුණු මගහැරීම සිදුවනු ඇත. එය කේන්ද්‍ර පරීක්‍ෂාවෙන් පැවැසිය නොහැකි අතර කේන්ද්‍ර පරීක්‍ෂාවෙන් පැවැසිය හැක්කේ විවාහයට ප්‍රමාදයට බාධා වෙන ග්‍රහයන්ගේ දෘෂ්ටි හා යෝග, කාලසර්ප යෝග, විෂ කන්‍යා දෝෂ, 4 කේන්ද්‍රය පාලු වීම, අමනුෂ්‍ය බලපෑම් යන කරුණුය. නමුත් මේ සියලුම කරුණු ශුභ ආකාරයට පිහිටා ග්‍රහ පිහිටීම ද බලවත්ව පිහිටා ශුභ දෘෂ්ටි, යෝග, සංයෝග පැවතුන ද ජන්මියාගේ විවාහයට බාධාවේ නම් ප්‍රමාද වේ නම් පවතින ප්‍රධානම දෝෂය වන්නේ පදිංචි නිවසේ වාස්තු දෝෂයන්ය. මෙහිදී විශේෂයෙන්ම මා ප්‍රායෝගිකව අත්දැකීම්වලින් පමණක් හේතු වූ කරුණු කීපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරමි. මේ හේතූන් පැවතුනහොත් එම නිවසේ ගෘහ හිමියාට ඔහු හෝ ඇය අවිවාහක අයකු නම් හෝ විවාහ වීම සඳහා එම නිවසේ ජීවත්වන දියණිය පුතාගේ විවාහයට බාධා ප්‍රමාද ඇති කරයි.

නිවසේ බ්‍රහ්මපාද ලක්‍ෂයට බාධාවන ආකාරයට ඇතිවී තිබෙන තත්ත්වයන්.

විවාහය කෙරෙහි බලපවත්නා ප්‍රභල දෝෂයකි නිවසක බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය අත්තිවාරමට යටවී පැවැතීම. බ්‍රහ්මපාදය යටවෙන ආකාරයට බිත්තියක් කණුවක් හෝ නිවසේ පඩිපෙළ පැවැතීම. උලුවස්සකට මැදිවන ආකාරයට බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය පතිතවීම, වහලයේ කොන්ක්‍රීට් බීම් එකක් බාල්කයක් මතට බ්‍රහ්මපාද ලක්‍ෂය පතිතවීම හා බ්‍රහ්මපාද ලක්‍ෂය හරහා දිවෙන මධ්‍ය රේඛාව වැසිකිළි වළකට පතිතවීම යන හේතු මත එම නිවසේ විවාහය සඳහා වයසින් සම්පූර්ණ වුණ නිවැසියන්ට තමන්ගේ විවාහය සඳහා නොයෙක් බාධක, ප්‍රමාදවීම් ඇති කරනු ලබයි. මෙය ඉතාම සත්‍ය බව පසුගිය සතියේත් මා විසින් පරීක්‍ෂාවට ලක් කළ නිවසේ පැවතුනේය. එහි නිවැසියන් කලින් පදිංචි වී සිටි නිවසේදී දරුවන් දෙදෙනකු විවාහ දිවියට ඇතුළු වී ඇති අතර ඉතිරි දරු දෙදෙනාගේ විවාහයන් ද තීන්දු කර පැවැති අතර තමන් කලින් පදිංචි නිවසින් මෙයට වසර 08කට පෙර නව නිවසට පැමිණි අතර ඉන්පසු එම දරුවන් දෙපලගේම විවාහ යෝජනා නැවතී ගිය අතර මෙම 8 වසර පුරාම මංගල යෝජනා විශාල ප්‍රමාණයක් පැමිණිය ද දරුවන් දෙදෙනාටම විවාහ යෝජනා ස්ථිර නොවීය. නිවස පරීක්‍ෂණයේ ද නිවසේ බ්‍රහ්මපාද ලක්‍ෂය අත්තිවාරමට යට වී පැවැතීම මෙයට හේතු වශයෙන් පෙණුනි. නිවසක බ්‍රහ්මපාද ලක්‍ෂය පීඩාවට පත්වීම ආර්ථික හා සෞඛ්‍යමය අතින් ද පරිහානිය ගෙන දෙන හේතුවකි.

නිවසක ප්‍රධාන දොර දෝෂයට පත්වීම.

නිවසක ප්‍රධාන ද්වාරය පිහිටි පාදය, ස්ථානයන් හා වේධ දෝෂයන්ට ලක්වීම නිසා ගෘහ හිමියාටත් එම නිවසේ වෙසෙන අයටත් නොයෙක් පීඩා ඇතිවෙනු ඇත. මක්නිසාද ප්‍රධාන දොර විවාහයට, ආර්ථිකයට, සෞඛ්‍යයට මෙන්ම සමාජ පිළිගැන්ම කෙරෙහි ද හේතුවන්නකි. ප්‍රධාන දොර දකුණට, බටහිරට ඇති නිවෙස්වල වැසි කාලවලදී වැසි ජලය දොර ඉදිරිපිට රැඳෙනවා නම් ප්‍රධාන දොරට කෙලින් වහලයේ ජලය වැටෙනවා නම් එය විවාහය කල්දමන දෝෂයක් වන්නේය. ප්‍රධාන දොර වමට විවෘත වීම ද එම නිවසේ නිවැසියන්ගේ විවාහය කල්යෑමට හේතුවක් වනු ඇත. නිවසක ද්වාර සටහන දකුණට, බටහිරට පැවැතීම ද විවාහය කල් දමන ප්‍රමාද වන හේතුවක් වන අතර එය මනෝරාම වර්ගය ලෙස හඳුන්වයි. රිපුද වශිය එනම් නිවසේ ද්වාර සටහන උතුර දකුණට පමණක් පැවැතීම, මෙය ද විවාහය කෙරෙහි අශුභව බලපානු ඇත. උතුරට, නැඟෙනහිරට හා බටහිර දිශාවට ද්වාර සටහන පවතින නිවාස ආක්‍රාන්ධය වර්ගයේ නිවාස ලෙස හඳුන්වයි. මෙවැනි නිවාසවල ජීවත්වන අවිවාහක අයට විවාහය ප්‍රමාදවීම, බාධාවීම් ද ඇති වේ. ඒ වගේම ප්‍රධාන දොර වේධයට පත්වීම ද එම ගෘහයේ වෙසෙන අයගේ විශේෂයෙන් විවාහ වීමේ වයස සම්පූර්ණ වූ අයගේ විවාහයට බාධා ප්‍රමාදවීම් ඇති කරනු ඇත. ඒවා නම් දේවතා වේධ දෝෂය ප්‍රධාන දොරට අභිමුඛව ආගමික ශාස්තෲන් වෙනුවෙන් දෙවි දෙවිතාවන් වෙනුවෙන් පහළ කාණුවක් තිබේ නම් ඒ වගේම ප්‍රධාන ද්වාරයට ඉදිරියෙන්ම සූසානභූමියක්, ආදාහනාගාරයක්, මිනීපෙට්ටි සාප්පුවක් පැවැතීම එය සුසාන වේධ දෝෂයක් ලෙසින් විවාහය කෙරෙහි බල පැවැත්වෙනු ඇත. ප්‍රධාන දොරට අබිමුඛව ගොහොරු වළක්, පල්වූ ජලය රැඳෙන වළක්, මඩ වගුරක් පැවැතීම මෙය හඳුන්වන්නේ කර්දම වේධ දෝෂය යනුවෙනි. මේ ආකාරයට ප්‍රධාන දොර තවත් කීප ක්‍රමයකින් අභ්‍යන්තරව හා බාහිරව වේධ වීම හෙවත් බාධා වීම එම නිවැසියන්ගේ විවාහ කටයුතු බාධා ප්‍රමාද ඇති වීමට හේතු වේ.

භූමි දෝෂ නිසා විවාහයන් ප්‍රමාද වීම

භූමියේ පවතින වසර සිය ගණනක් පැරණි ශෛල්‍ය කොටස් තවමත් සක්‍රිය තත්ත්වයෙන් පවතී ද කියා පරීක්‍ෂා කරවා බලවා ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කළ යුතුයි. නැති නම් එම භූමියේ පිහිටි නිවාසවල පදිංචි විවාහයට සුදුසුකම් ඇති අයට එම විවාහයන් බාධා ප්‍රමාද වීම් ඇති කරයි.

ඒ වගේම ඊශාන දිශාවේ වැසිකිළිය, කුස්සිය, ගරාජය, ගබඩා කාමර, සේවක කාමර පැවැතීම ද ඊශාන දිශාව දුර්වල වීම ද විවාහ කටයුතුවලට බාධා පැමිණේ. එයටම උතුර නැඟෙනහිර දිශාවල භූමියේ ගල් සහිත වීම, නිරිත දිශාවේ ගිනිකොන දිශාවේ ළිං පැවැතීම හා භූමියේ පවතින සමහර වෘක්‍ෂලතා නිසා ඒවා නිවස අවට පැවැතීමෙන් නිවසට මේ ශාකවල වාස්තු විමෝචන ක්‍රියාවලිය අක්‍රමවත් අශුභාරකාරයට පැවැතීම නිසා අඹ වැනි වෘක්‍ෂයන් නිවසේ ඉදිරිපිට පැවැතීම හා එම වෘක්‍ෂවල පිලල පැවැතීම ද සියඹලා, මඩු වැනි ශාක පැවැතීම ද නිවසක සාමාජිකයන්ගේ විවාහයට අශුභ බලපෑම් ඇති කරයි. ඉදිරි පරම්පරාව යාවත්කාලීන වීම නවතා දැමීමට හේතු දේ.

නිවසේ ඇතුළත පිටත දිශාවන්ට අනුකූල නොවන පරිදි පංච ශක්තියට නිරුද්ධ ආකාරයට මියුරල් කැටයම් බිත්තිවල පැවැතීම එවැනි චිත්‍ර බිත්තිවල එල්ලීම උදා: නිරත දිශාවේ, ගංගා, රුවල් නැව්, දිය ඇලි නිර්මාණය කිරීම තුළින් ආපෝධාතුවට නියෝජනය කරන සාධකයන් තේජෝ දිශාවල බලගැන්වීම හිතකර නොවේ. ඒ වගේම නිවසේ ඉදිරිපිට අශ්ව ලාඩම, කරත්ත රෝදය, විකෘති මිනිස් රූප සහිත පිළිමයන් තැබීම, අංතට්ටු දොර ළඟ එල්ලා තැබීම, නිවස ඇතුළත කුරුලු කූඩු විශේෂයෙන් වඩු කුරුලු කූඩු එල්ලා තැබීම නොකළ යුතුය. නිවසේ ප්‍රධාන මුදුන් ලීය, සෙසු යටලී, ඍජුව වැසිකිළි වළකට පතිතවීම ද එම නිවසේ මංගල යෝජනා ඉටු නොවීමට හේතු දේ. මෙයට අමතරව තව බොහෝ නිවාස වාස්තු දෝෂයන් මල් හී සරය විදීමට බාධා දේ. වළක්වාලනු ඇත.

දිවයින පුවත්පත ඇසුරෙන්.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *