Sat. Jul 27th, 2024

දේශබන්දු වෙනුවෙන් උඩුවේ ධම්මාලෝක හිමි ඇතුලු හිමිවරුන් රැසක් අගරදගුරු හා හැප්පෙති..!

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට ස්ථිර ලෙස පත් නොකරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු කතෝලික සභාවට සම්බන්ධ පාර්ශවයන් කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්කර ඇති පෙත්සම් 07 ක් වෙනුවෙන් මැදිහත්කරුවන් වශයෙන් මහා සංඝරත්නය ඉදිරිපත්ව ඇත.

ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත දිවයින පුරා මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ යුක්තිය මෙහෙයුම අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරෙන පසුබිමක මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරිමට විරෝධය ඵලකරමින් එම වැඩපිලිවෙල ඉදිරියටත් අතිසාර්ථකව පවත්වාගෙන යාම සදහා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ රුදි සිටිම අත්‍යාවශ්‍ය බවට එම මහා සංඝරත්නය විසින් පෙන්වාදි ඇත.

මෙලෙස මැදිහත්කරුවන් වශයෙන් ඉදිරිපත්වී ඇති මහා සංඝරත්නය වන්නේ,

මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රි කල්යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි.
රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි.
කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරථන හිමි.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමණ නාහිමි.
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි.
කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමි.
ප්‍රවීන ධර්මදේශක පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *