Sat. Jul 27th, 2024

අගලවත්තේ නාය යෑමක් නිසා දරු පවුලක් බේරාගත් “කලූ”

අයහපත් කාලගුණය හේතුවෙන් නිවසක් පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටීමට පෙරාතුව තමන්ට ආ ඉව ඔස්සේ නිවැසියන් දැනුවත් කළ සුනඛයෙකු නිසා ජීවිත 4 ක් බේරී ගිය පුවතක් කළුතර අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.


අගලවත්ත, බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවසක් සම්පූර්ණයෙන්ම යටවී ගිය අතර එම සිදුවීමට පෙරාතුව විදානලාගේ සෝමසිරිගේ පවුලේ අය නිවසින් පලාගියේ සුනඛයා බුරමින් කියා සිටි අසාමාන්‍ය පණිවිඩය නිසාය.

මහ රාත්‍රියේ වෙනදාට වඩා සද්දෙකින් ‘කළු’ නමැති බල්ලා ගේ පිටිපස්සෙන් බුරන අවස්ථාවේ සැකයක් ඇති කරගත් මව, පියා, පුතා, පුතාගේ දරුවා නිවසින් පිටව ගියේ බල්ලා තමාට යමක් කියන බව දැනගත් පසුවය.
නිවසින් පිටව ගොස් සුළු වේලාවකින් නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම කඩා වැටී නිවස මතට වැටී තිබෙන අතර නිවැසියන් එහි සිටියේ නම් ජීවිත අහිමි වන්නට පවා ඉඩ තිබුණි.

 

සුරතල් සුනඛයා ‘කළු’ ඔවුන්ගේ ජීවිතය බේරා දුන් අයුරු කඳුළු සලමින් නිවසේ සිටි ශාන්ත කුමාර (33) මහතා මෙසේ පැවසීය,

”මමයි මගේ බිරිඳ හර්ෂණී අනුෂ්කා සමග අම්මා ශාන්ති ජයසිංහත් තාත්තා බී.වී සෝමසිරි සහ මගේ 02 හැවිරිදි දියණිය සෙත්මි අකීෂා ඇතුළු පස්දෙනාම මේ නිවසේ එකට ජීවත් වෙනවා, මේ සිද්ධිය වුනේ අලුයම එකයි පහළොවට පමණ, මහා වැස්සක් සමඟයි, ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ දෙමව්පියන් හා මගේ කුඩා දියනිය සමග මා පමණයි බිරිඳ එදින ගෙදර සිටියේ නෑ ඇය ඇයගේ මහගෙදරට ගොස් තිබුණා.

අපි සියලු දෙනාම ඇහැරිලයි හිටියේ මගේ වයස අවුරුදු දෙකක් වන දියණිය සෙත්මි අකීශා ඇඳට වෙලා හිටියත් ඇයත් මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ඇහැරගෙන හිටියා. අලුයම එකයි පහළොවට පමණ මම සුරතලයට ගෙදර ඇති කර කළු නම් සුනඛයා බුරබුරා නිවස වටේට යමින් නිවස පිටුපසට වී තදින් බුරන ශබ්දය අපට ඇසුණා. බුරන හඬ වෙනදාට වඩා තදින් දැනුණු නිසා මා නිවසේ දොර ඇරගෙන නිවස පිටුපසට වී බුරන කළු අසලට ගියා කළු මට යමක් කියන්නා සේ ගෙදර පිටුපස පන්ස්කන්ඩිය ළඟට ගියා මමත් කළු පිටුපස ගියා පසුව තමයි මම දැක්කේ නිවස පිටුපස කණ්ඩිය පසාරු කරගෙන බොර පාට වතුර පාරක් එනවා.

මම වහාම නිවසට පැන නිවසේ අංශභාග රෝගී තත්ත්වයකින් අසනීප වී සිටි මගේ පියාත් මගේ මවත් ඇඳේ සිටි කුඩා දියණියත් රැගෙන වහාම පැය කාලක් ඇතුළත එළියට පැන දිව්වා, සුනඛයාත් අපේ පසුපස දුවන් ආවා අපටමීටර් පන්සීයක්වත් තරම් දුර පහළට එන්න ලැබුණේ නෑ වාහන දෙකක් එකට හැපෙන සද්දයක් නගමින් නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම නාය ඇවිත් මගේ නිවස නොපෙනී ගියා, මගේ සුරතල් සුනඛයා කළු අපට මේ විදිහට සංඥාවක් නොදුන්නනම් අපේ ජීවිත හතරක් ඒ මහා පොළොවට යට වී වැළලෙන්නට තිබුණා, නමුත් කළු නිසා අපේ ජීවිත බේරුණා…”

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *