Sat. Jul 27th, 2024

මෙච්චර කල් තිබ්බ කටකතා ඔක්කොම ඉවරයි..‘ප්‍රභා මළා! ප්‍රභාගේ පවුලේ ඔක්කොමත් මළා!’ ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයා පළමුවරට ඩෙන්මාර්කයේ සිට විශේෂ ප්‍රකාශයක් කරයි!

සිය සහෝදරයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ බිරිය ඇතුලු දරුවන් තිදෙනාම මියගොස් ඇති බවට ප්‍රභාකරන්ගේ වැඩිමහල් ‌සහෝදරයා වූ වේළුපිල්ලේ මනෝහරන් පළමුවරට මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් අනාවරණය කොට ඇත.

‘ජැෆ්නා මොනිටර්’ නම් මැගසිනය වෙත ඩෙන්මාර්කයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව අනාවරණය කොට තිබේ.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා ඇත්තේ 2009 වසරේ සිදුවූ යුද්ධයේ අවසන් අවස්ථාවේදී සිය සහෝදරයා මියගිය බවත්, ඇතැමුන් මුදල් රැස් කිරීමේ අරමුණින් යුතුව ප්‍රභාකරන් සහ පවුලේ දරුවන් ජීවත් වන බව ප්‍රකාශ කරමින් සිටින බවය.

දෙමළ ඩයස්පෝරාව මේ බව කියමින් ඩොලර් මිලියන ගණනින් අරමුදල් එක්රැස් කරන බව මනෝහරන් පෙන්වා දී තිබේ.

තමන් යුද්ධය අවසන් වීමට මාස කිහිපයකට පෙර දක්වා ප්‍රභාකරන් සමග දුරකතනයෙන් අදහස් හුවමාරු කරගත් බව කී ඒ මහතා යුද්ධය අවසන් වීමෙන් පසු කෙදිනකවත් ඔහු සමග කතාබහ කොට නොමැති බවද කියා සිටියේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *