Sat. Jul 27th, 2024

රැවටෙන්න එපා.. සම්පූර්ණ බොරුවක්..කිසිම සාකච්ඡාවක් නෑ.. රනිල්+සජිත් එකතු වෙන්නෙ නෑ..! විපක්ෂනායක සජිත්

රනිල් සහ සජිත් එකට එකතු වන බවට විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන සිදු කරමින් පවතින ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කිසිදු තානාපතිවරයකු හෝ තානාපතිවරියක් හෝ දේශීය නියෝජිතයෙක් හෝ තමා සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකතු කිරීමට කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකළ බවත් කිසියම් පාර්ශ්වයක් මුදල් වියදම් කර මාධ්‍ය උපයෝගී කර ගෙන මෙවැනි බොරු සමාජ ගත කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බොරුව සමාජගත කරන එක වහා නතර කළ යුතු බවත් සමගි ජන බලවේගයට පොදුජනතාවගේ ආශිර්වාදය සහ සහයෝගය පවතින නිසා දේශපාලන ඩීල් අවශ්‍ය නොවන බවත් ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ශක්තිමත් සන්ධානයක් ගොඩ නගන්න සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *