Sat. Jul 27th, 2024

රනිල් ජනාධිපතිවරණයට එන්නේ හංසයාගෙන් – පොහොට්ටුවෙන් ධම්මික – ඩලස් ගත්තොත් සජබෙ පලුවක් රනිල්ට..!

රනිල් වික්‍රමසිංහ

එළඹෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනිවාර්යයෙන්ම තරඟ කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ හට සහය දීම සඳහා මුස්ලිම් පක්ෂ සහ වතුකරයේ පක්ෂ තම එකඟතාවය මේ වන විට පල කර ඇතැයිද සඳහන්.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය දීම සඳහා වර්තමාන කැබිනට්ටුවේ සිටින පොහොට්ටුවෙන් තරඟ වැඳ පාර්ලිමේන්තුවට ආ ප්‍රබල තරුණ ඇමතිවරුන් බොහෝ දෙනෙක් මේ වනවිට සිය කැමැත්ත පලකර ඇත. ඒ අතරට පසුගිය කාලයේ නාමල් රාජපක්ෂගේ අතිජාත මිත්‍රයන් කීප දෙනෙක්ම සිටින බව සඳහන්.

ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් අතර පවතින විරසකය නිසා, කිසියම් හෙයකින් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයය සුමන්තිරන් හට හිමිවුවහොත් ප්‍රශ්නයක් වන නිසා ජනාධිපතිවරයා මේ දිනවල උතුරේ සංචාරයක යෙදෙමින් තමන්ගේ දෙමල ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමේ සැලසුමක නිරත වන බවටයි පෙනී යන්නේ. කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය ඇතුලත දෙමළ ජාතික සන්ධානයේ නායකත්ව ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇති. දෙමල ජාතික සන්ධානය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවෙන් ලැබෙන නියෝග ඉටු කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව තමන්ට සහය දක්වන්නේ නම් එම ප්‍රශ්නයත් නිරාකරනය කර ගැනීමට උත්සහ ගනු ඇති.

පොහොට්ටුව

ජනාධිපතිවරයා පොහොට්ටුවේ ප්‍රබලයන්ට ඇමතිධූර නොදීමත් සමගින් උරණ වූ පොහොට්ටු ප්‍රබලයන් ධනවත් ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂක කොට පොහොට්ටුවේ ජාමේ බේරාගැනීමේ ව්‍යයාමයක නිරත වී සිටින බවත් සඳහන් වෙනවා. විශේශයෙන්ම පෙනී යන්නේ දැඩි ජනතා විරෝධයකට ලක්ව ඇති ඇමතිවරුන් කෙසේ හෝ ඉතිරිවී ඇති තම පාක්ෂිකයන් හට බලාපොරොත්තුවක් දෙමින් ව්‍යාපාරික ධම්මික පෙරේරාව මුල් කොටගත් මැතිවරණ සැලැස්මක් ක්‍රියාවට නැංවීම තුලින් පක්ෂයේ මූල්‍යමය අංශයත් සමනය වන බැවින් මෙම තීන්දුවට එනු ඇති. කෙසේ වෙතත් අප අමතක නොකල යුතු කාරණාව නම් තවමත් පොහොට්ටුවට ජේවීපීයට වඩා නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශ තුල තිබෙන බවයි.

එමෙන්ම අමතක නොකල යුතු කාරණාවනම් යුද්ධය නිමාකල මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති ජනතා ඇල්ම තවමත් 100% පහව ගොස් නැති බව සහ එම පොහොට්ටු පාක්ෂිකයන් මහින්ද රාජපක්ෂ දෙන නියෝගයට අනුව ක්‍රියාත්මක වන බවයි.

සමගි බලවේගය

එමෙන්ම සමගි බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ සැලැස්ම අනුව බොහෝ වෙහෙස මහන්සි වී ගිය වරටත් වඩා වැඩියෙන් වැඩකටයුතු සිදු කරන බව ඔහුගේ හිතමිත්‍රයන් සඳහන් කරනවා. එමෙන්ම ඩලස් අලහප්පෙරුම සමගි බල සන්ධනයේ නියෝජ්‍ය නායක කම ඉල්ලීමත් සමගින් එය ලබා නොදෙන ලෙසට සමගි ජන බල වේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දැඩි ස්වරයෙන් නායක සජිත් හට කියා ඇත්තේ සමගි බල සන්ධානයේ ජේෂ්ඨයන් සිටියදී ඩලස් වැන්නෙක්ට එය ලබා නොදෙන ලෙසටයි. විශේෂයෙන්ම සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර,හර්ෂ ද සිල්වා වැනි සජබ ප්‍රබලයන් පොහොට්ටුවේ දූෂිතයන් සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමට දැඩි ලෙස විරෝධය පලකර තිබෙන මන්ත්‍රීවරුන් බවත් සඳහන් වෙනවා.

කෙසේ වෙතත් ඩලස් පිලේ සිටි නාලක ගොඩහේවා, ජීඇල් පීරිස් දැනටමත් සජිත්ගේ දේශපාලන, ආර්ථික සැලසුම් සකස් කිරීමට පැමිනීමත් සමගින් දැන් දැන් විවිධ ප්‍රශ්න මතුවෙමින් ඇතත් සජිත් ප්‍රේමදාස ඒවා බොහොම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගනිමින් සිටින බවටත් වාර්තා වෙනවා.

ජේවීපීය

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ෆේස්බුක් සහ සමාජ ජාලාවල ජයග්‍රාහී මැතිවරණයක් ක්‍රියාත්මක කරගෙනු ලබන අතර භූමියේද මේ වනවිට යම් නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් ඔවුන් සතුකරගැනීඅට සමත්ව තිබෙන බව පෙනෙන්නට ඇති කරුණක්. පසුගිය ජනාධිපතිවරණයෙදි හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂට තිබූ රැල්ල සහ ජනප්‍රියතාවය මෙවර හිමිව ඇත්තේ ජේවීපී නායක අනුර කුමාර හටයි.

එහෙත් සමාජ ජාලා වල ග්‍රහණය තවමත් 100% ඇත්තේ ජේවීපීය සතු බව සියලුදෙනා පිලිගත යුතු කරුණක් වෙන අතර විජිත හේරත්,වසන්ත සමරවිංහ වැනි ජනතා විරෝධයට ලක්ව ඇති ජේවීපී ප්‍රබලයන් මාද්‍යවල පෙනී නිසිටින තරමට නායක අනුරගේ ඡන්ද ප්‍රමානය වැඩි වනු ඇති.

කෙසේ වෙතත් ඉදිරි දිනවලදී ශ්‍රීලාංකේය දේශපාලන ක්ෂේත්‍රය නම් එන්න එන්නම උණුසුම් මුහුණුවරක් ගන්නා බවට විශ්වාස කල හැකිය.

 

මිහිඳු ෆොන්සේකා.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *