Mon. Feb 26th, 2024

මීලග පොලිස්පති සූදානම් – ජනපතිගෙන් නම් තුනක්…!

By admin Jul 3, 2023

දැනට පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා මීළඟ පොලිස්පති වරයා තෝරාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් තුනක් නම් කර යවනු ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

පසුගිය සදුදා දිනයේ දී සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේ සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මීළඟ පොලිස්පති ජේෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, ඵ්.ඵ්.S.M ධර්මරත්න යන අය පෙරමුණේ සිටී.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ජේෂ්ඨත්වය අනුව නම් තුනක් තෝරා යවනු ඇති බව ද වාර්තාව කියා සිටියි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *