Sat. Jul 27th, 2024

පොලොන්නරුව සියඹලාව විද්‍යාලයේ වතුර පිරිසුදු කරන යන්ත්‍රය අවුරුද්දක් තිස්සේ කැඩිලා – පුංචි ළමයි දැනදැනම බොන්නේ මඩ වතුර.. එක වසරේ දැරියකට දැනටමත් වකුගඩු රෝගය හැදිලා.

පොලොන්නරුව සියඹලාව විද්‍යාලයේ ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍රය අක්‍රිය වී වසරකට අධික කාලයක් ගතවී ඇති බවත්, ඒ හේතුවෙන් දරුවන් පානය කරන්නේ අපිරිසුදු ජලය බවත් එම විදුහලේ විදුහල්පතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

මෙම තත්ත්වය මුල් කරගෙන 1 වසරේ දැරියකට දැනටමත් වකුගඩු රෝගය වැලදී ප්‍රතිකාර ගන්නා බවත්, තවත් දරුවන් කිහිප දෙනෙකුටම බඩේ අමාරු වැලදී ඇති බවත් විදුහල්පතිවරයා කීය.

මෙම දරුවන්ට බීමට පිරිසිදු ජලය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කර දීමට හැකි නම් එය විශාල පිනක් බවද විදුහල්පතිවරයා සදහන් කර සිටියේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *