Sat. Jul 27th, 2024

තෙල්දෙණියේ මහා වාහන කොල්ලය.

තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අද අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි.

කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.

වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජයක එම ජීප් රථ සඟවා තිබූ අතර ඒවා කොටස් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.

ජීප් රථ දෙක පොලිස් බාරයට ගෙන එහි සිටි දෙදෙනකු සහ ගරාජයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය සඳහන් කරයි.

කොල්ලකරුවන් සොයා මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සුනඛයන් යොදා ඊයේ විශේෂ සෝදිසියක් ද සිදුකළ බව පොලිසිය කියයි.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත තෙල්දෙණිය සහ වත්තේගම පොලිසිය ඒකාබද්ධව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ෂේන් සෙනෙවිරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *