Sat. Jul 27th, 2024

දරුවන්ට හිටපු එකම විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයාත් රටින් යයි

ඉදිරි වසර දෙක සඳහා ඇස්තමේන්තු කළ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් දැනට රට තුළ සිටින්නේ සියයට 50ක ප්‍රමාණයක් පමණක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නොමැතිවීම නිසා ඔවුන් රට හැර යෑමට හේතුවී ඇති බවය.

“2024 සහ 2025 වර්ෂවලට විශේෂඥ වෛද්‍යවරුන් 4,000ක් පමණ අවශ්‍ය වෙයි කියලා තමයි කලින් ඇස්තමේන්තු කරලා තිබුණේ. දැනට අපිට ඉන්නේ ඒකෙන් 50%ක් පමණ.”

“විශ්‍රාම ගැන්වීම අවුරුදු 60ට අඩු කළොත් සියලුම විශේෂඥ වෛද්‍යවරුන් 1,750ක් වගේ පිරිසකට අඩු වෙනවා.”

“හදිසි අනතුරු අංශවලට විශේෂඥ වෛද්‍යවරුන් 30ක් පමණ පුහුණු කරලා පත් කළා. ඒ 30න් 20ක් දැන් රටින් ගිහින්. කුඩා ළමුන්ගේ විකිරණවේදය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් එක්කෙනයි හිටියේ ලංකාවේ. දැන් ඔහුත් රටින් ගිහින්.”

Source : අරුණ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *