Sat. Jul 27th, 2024

සිමෙන්ති, වානේ සහනයක් පාරිභෝගිකයින්ට කවදා ලැබෙයිද..? ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අඩු වීමක්..?

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු පහුගිය දවස් වල බිඳ වැටුණා. ඒකට ලොකුම හේතුව තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන අමුද්‍රව්‍ය නොහිතපු විදිහට වැඩි වුණ එක. ඩොලර් එකේ අගය හිතාගන්න බැරි විදිහට දවසින් දවස වැඩි වුණා. ඉතින් අපේ අයත් හිතාගන්න බැරි විදිහට ඉදිකිරීම් ක්ශේත්‍රයේ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අමුද්‍රව්‍යත් සෑහෙන්න වැඩි කලා.

මේක ලොකුවටම බලපෑවෙ තමන්ගෙම ගෙයක්, තමන්ගෙම ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හදන්න හිටපු අයටයි. මොකද ඉදිකිරීම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙගුණයකින්, තුන්ගුණයකින් විතර ඉහළ ගිය නිසා. ඉතින් ගොඩක් ඉදිකිරීම් මේ නිසා අතරමඟ නතර වුන එක අපි හැමෝම දන්න කරුණක්. කවදහරි ආයෙත් ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල අඩු වෙයි කියලා හිතාගෙන සමහර අය තමන්ගෙ ඉදිකිරීම් කටයුතු නැවැත්තුවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තියෙන අමුද්‍රව්‍ය අතරින් වැඩිපුරම අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය දෙකක් තමයි සිමෙන්ති සහ වානේ කියලා කියන්නෙ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේදි සිමෙන්ති සහ වානේ තමයි මුළු ඉදිකිරීම් පිරිවැයෙන් 25% කට දායක වෙන්නෙ. මේ නිෂ්පාදන අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම වැඩි වුණේ සිමෙන්ති මිල 2.68 ගුණයකිනුත්, වානේ මිල 2.54 ගුණයකිනුයි. රුපියල් 1000 දීලා ඉතුරු සල්ලිත් ගන්න බලාගෙන ගත්ත සිමෙන්ති කොට්ටය රුපියල් 3000 ත් පැනලා මිල වැඩි වුන මේකට හොඳම උදාහරණයක්.

ඒත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේදි නිෂ්පාදන අමුද්‍රව්‍ය ගැන කතා කරනකොට පාරිභෝගිකයින්ට සහනයක් තිබුන එකම අමුද්‍රව්‍ය තමයි ඇලුමිනියම් කියලා කියන්නෙ. අනිත් අමුද්‍රව්‍ය වල මිල ගණන් ලොකූවට වැඩිවුනත් ඇලුමිනියම් මිල වුණේ 1.61 ගුණයකින් විතරයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේදි ඇලුමිනියම් භාවිතා වෙන්නෙ 5% වගේ පොඩි ප්‍රතිශතයකින් නිසා ඇලුමිනියම් තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය වලින් සහනයක් තිබුණම එකම අමුද්‍රව්‍ය වුනේ.

වෙළදපොලේ තියෙන ඇලුමිනියම් වලින් quality ඇලුමිනියම් තීරණය වෙන්නෙ ඒ ඇලුමිනියම් වල තියෙන වානේ ප්‍රතිශතය අඩු වීම මතයි. මේ දෙය ගොඩක් අය නොදන්න කාරණයක්. හොඳ ඇලුමිනියම් නම් ඒකෙ වානේ ප්‍රතිශතය අඩු වීම කියන කාරණය ගොඩක් වැදගත්. ඉතින් සමහර ඇලුමිනියම් නිෂ්පාදන ආයතන වානේ වැඩියෙන් ඇලුමිනියම් වලට එකතු කරලා ඒවා අඩු මිලට පාරිභෝගිකයන්ට විකුණනවා. ඉතින් ඇලුමිනියම් මිලදී ගන්නකොට වානේ ප්‍රතිශතය අඩු quality එක තහවුරු කරපු ඇලුමිනියම් මිලදී ගන්නත් සැලකිලිමත් වෙන්න ඕන.
කර්මාන්ත ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ වල මිල ගණන් වැඩි වුණ විදිහ ගැන කල්පනා කරලා බැලුවම ඇලුමිනියම් මිල වැඩි වීම හරිම සාමාන්‍යයි. අනිත් අමුද්‍රව්‍ය වල මිල වැඩි වීමට සාපේක්ෂව ඇලුමිනියම් වල මිල වැඩි නොවීම පාරිභෝගිකයන්ට ලොකු සහනයක් වුණා.
ඩොලර් එකේ අඩු වීම් මේ දවස් වල පේන්න තියෙන නිසා සිමෙන්ති, වානේ වගේ නිෂ්පාදන අමුද්‍රව්‍ය විකුණන සමාගම් තමන්ගෙ නිෂ්පාදන වල මිල ගණන් ඇලුමිනියම් වගේ සාදාරණ ගණන් වලට මිල අඩු වීමක් කරොත් ගොඩක් වටිනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොකූ වියදමක් වැය කරන්න වෙන අමුද්‍රව්‍ය වල මිල අඩු වීම් ඇලුමිනියම් වල මිල ගණන් වලට සාපේක්ෂව අඩු වෙනවා නම් තමන්ගෙ ඉදිකිරීම් කටයුතු කරගෙන යන්න පාරිභෝගිකයන්ට ඒක ලොකූ උදව්වක් වෙයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *