Sat. Jul 27th, 2024

කුසල්ට එරෙහිව ක‍්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණ…

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් මේ වන විට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ එක්දින තරගාවලියේදී විනය විරෝධීව හැසිරැන බවට ිිඑස්.එස්.සී. කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට එරෙහිව බ්ලුම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය විසින් පැමිණිලි කර තිබින.

අදාළ තරගයේදී ලකුණු බිංදුවකට දැවියාම හේතුවෙන් කෝප වූ කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයේ දොරකට පහරදී හානිකර ඇති බවට මෙම පැමිණිල්ල මගින් චෝදනා කර ඇත.

ක්‍රිකට් ආයතනයට මෙන් ම එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ද මෙම පැමිණිල්ල ලිඛිතව සිදුකර තිබේ.

තරග තීරක වාර්තාවද සැලකිල්ලට ගෙන කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගනු ලබන විනය ක්‍රියාමාර්ග තීරණය වීමට නියමිතව ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *