Sat. Jul 27th, 2024

කෙහෙලිය ඇමතිකමෙන් ඉවතට…!

දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඔහු දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති බව වාර්තාවෙයි.

තහවුරු නොකළ රජයේ ආරංචි බව මාර්ග මේ බව කියා සිටී.

බන්දනාගාර ගතව සිටින පුද්ගලයකු තවදුරටත් කැබිනට් මණ්ඩයේ තබා ගැනීමෙන් ගැටලු මතුවී ඇති නිසා මෙම පියවර ගනු ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර රජයේ මුදල් අවභාවිතය ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති රඹුක්වැල්ල මහතා වහාම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලා සිටී.

කැබිනට් මණ්ඩලයේ තවදුරටත් ඔහු තබාගතහොත් ඉදිරි විමර්ශන වලට බාධා එල්ල විය හැකි බවත් එවන් පුද්ගලයකු කැබිනට් මණ්ඩයේ තබාගතහොත් ජාත්‍යන්තරයේ පවා මෙරට කැබිනට් මණ්ඩලය කෙරෙහි අප්‍රසාදයක් ඇති විය හැකි බවත් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *