Sat. Jul 27th, 2024

හිටපු ජනපති මෛත්‍රීට ජාත්‍යන්තරයෙන් පැසසුම්..!

ඇමරිකාවේ විශේෂ සංචාරයක නිරත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, 06 විධායක ජනාධිපති   මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (15) ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයට පැමිණියේය.

විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිට් (Larry Moffitt) මැතිතුමා, විශ්ව සාම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය ටැගල්ඩින් හමඩ් (Dr. Tageldin Hamad) මැතිතුමා සහ විශ්ව සාම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී ටොමිකො ඩුග්ගාන් (Tomiko Duggan) මැතිණිය විසින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකාවේ සහ ලෝක සාමය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් උප සභාපතිවරයා ලෙස සිදුකර තිබෙන සහ මේවන විට සිදු කරගෙන යනු ලබන සේවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලය විසින් විශේෂ සමරුවක්ද පිළිගැන්වීය.

එහිදී විශේෂ දිවා භෝජන සංග්‍රහයකටද හිටපු ජනාධිපතිතුමන් සහභාගී විය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *